හද ගමන ෆිල්ම් එකේ අඩනිරුවතින් රගපාපු කොටස් සමග රිතිකා කියන කතාව (වීඩියෝ)


හඳගමගෙ ෆිල්ම් එකේ
මං අඩනිරුවතින් ර`ගපෑවෙ කැමැත්තෙන්
– රිතිකා කොඩිතුවක්කු

අශෝක හඳගම ගේ නවතම ‘ඇගේ ඇස අග’ සිනමා නිර්මාණයේ අඩනිරුවත් ජවනිකාවන්ද ර`ගපාමින් මුලින්ම සිනමාවට එන නිරූපිකාවක වන රිතිකා කොඩිතුවක්කු පසුගියදා පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකදී කියා සිටියේ තමන් ඒ කළ ර`ගපෑම ඉතාම කැමැත්තෙන් සිදු කළ බවයි’ පිටපතේ සියල්ල හොඳ හැටි දැනගෙන එයට සූදානම් වූ බවත් මෙවැනි අඩ නිරුවත් රංගනයක් ගැන නිවසේ අය විරුද්ධ
වූයේ නැති බවත් ඇය කියනවා’
ඇය පළකළ අදහස් පහත පරිදිය’

ඇගේ ඇස අග සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබුණේ කොහොමද? ප‍්‍රතිචාර කොහොමද?

මේ චිත‍්‍රපටයේ නිෂ්පාදක අංශයේ කටයුතු කරපු මංජු පෙරේරා සහ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරපු අමල් අල්විස්ගේ ආරාධනාවකට අනුව තමයි සම්බන්ධවෙන්න ලැබුණේ’
අශෝක හඳගම වැනි ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩකරන්න ලැබීම ලොකු භාග්‍යයක්’ ඒ වගේම ලොකු අභියෝගයක්’ ඒ අභියෝගය භාරගන්න මම කැමැති වුණා’ ගොඩක් දෙනෙක්

 මේ නිර්මාණයට කැමැතියි කියලා මට හිතෙනවා’
ඇගේ ඇස අග නිර්මාණයේ පිටපත කියවලාද එය භාරගත්තේ ?
ඔව්’
මේ චිත‍්‍රපටයේ තිබෙන සියලූම දර්ශන පිටපතේ සඳහන් වෙලා තිබුණාද?
ඔව්’
අඩනිරුවත් දර්ශන තිබෙන පිටපතක් භාරගැනීමේ අභියෝගයක් කියලා හිතුණේ නැතිද?
මම ස්වාධීන තරුණියක්’ රූගත කිරීම් හොඳට සැලසුම් කරලා තිබුණා’ කිසිම අවස්ථාවක මට අපහසුවක් දැනුණේ නැහැ’ අධ්‍යක්ෂවරයාගේ සිට සියලූම කාර්ය මණ්ඩලය මේ චරිතය ගොඩනඟන්න මට ලොකු සහයෝගයක් ලබාදුන්නා’



මේ නිර්මාණයට දායක වෙන්න ගෙදරින් අවසර ලැබුණාද?
මගේ පවුලේ අය මාව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ’ අනික මම ස්වාධීන පුද්ගලයෙක්’ මගේ ජීවිතයේ තීරණය ගැනීමේ අයිතිය මට තියෙනවා’

මෙවැනි චරිතයකට සම්බන්ධවූ පසු සමාජය ඔබ දිහා වපර ඇසින් බලන්න පුළුවන් නේද?
මේක සිනමා කෘතියක්’ ඒ ඉන්නේ මම නෙමෙයි’ ඒක වෙන චරිතයක්’ මිනිස්සු බුද්ධිමත් වෙන්න  ඕනෑ සිනමා කෘතියක තිබෙන චරිතයක් මොනවගේද කියලා තේරුම් ගන්න’ අනික සිනමාකෘති එක රාමුවකට කොටුවෙන්න  ඕනෑ නැහැනේ’

රිතිකා කියන්නේ මොනවගේ චරිතයක්ද?
අනෙක් අය වගේම මමත් සාමාන්‍ය ගැහැණියක්’

සිනමාව ගැන හදාරලා තියෙනවාද?
සිනමාව ගැන කිසිම හැදෑරීමක් නැහැ’ මම මේ චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්නෙත් අහම්බෙන්’

රිතිකා ඔබත් වෘත්තීය නිළියක් විදිහට වැඩකරන්නද සූදානම ?
මම නිළියක් නෙමෙයි’ දිගටම ක්ෂේත‍්‍රයේ රැුඳෙනවාද කියලා තවම තීරණය කරලා නැහැ’ නමුත් හොඳ සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් එහි පිටපත හොඳනම් ඒ වගේම මම ඊට කැමැති නම් ඒක භාරගන්නවා’

සාකච්ඡුාව – දිනේෂ් විතාන
(මීවිත*
හද ගමන ෆිල්ම් එකේ අඩනිරුවතින් රගපාපු කොටස් සමග රිතිකා කියන කතාව (වීඩියෝ) හද ගමන ෆිල්ම් එකේ අඩනිරුවතින් රගපාපු කොටස් සමග රිතිකා කියන කතාව (වීඩියෝ) Reviewed by aluthma tips on 9:06:00 AM Rating: 5
Powered by Blogger.